Saturday, August 28, 2010

රණවිරුවාණෙනි

රට වෙනුවෙන් සටන් වැදී
විරුවෝ  තම දිවි       පුදතී
සිය සගයන්ගෙන්ද      මිදී
යුධ පිටියට සිත     යොමතී

යුධ පිටියේ කල්  ගෙව්වත්
ඔබ අමතක නැත   අපටත්
ගැනුමට නැත නිසි අහරක්
අවි ගෙන ඔබ විඳින දුකක්

ප්‍රභාකරන් සහ      සගයන්
රට විනාස කරන       තරම්
නිදහස් සටනට          උරදී
ඔබ එය වැළකුව    එතරම්

යුධ හමුදා යුධ       භටයන්
සටනට ගිය      නාවිකයන්
ගුවනේ සැරිසැරු   විරැවන්
මෙම දෙරණේ දිලෙන පහන්

නැගෙනහිරට ගිය විරැවන්
මුළු දිවයින මුදවා        දුන්
එහිදී දිවි පිදු          විරැවන්
පුදදෙනවා අමර      නිවන්