රට වෙනුවෙන් සටන් වැදී
විරුවෝ තම දිවි පුදතී
සිය සගයන්ගෙන්ද මිදී
යුධ පිටියට සිත යොමතී
යුධ පිටියේ කල් ගෙව්වත්
ඔබ අමතක නැත අපටත්
ගැනුමට නැත නිසි අහරක්
අවි ගෙන ඔබ විඳින දුකක්
ප්‍රභාකරන් සහ සගයන්
රට විනාස කරන තරම්
නිදහස් සටනට උරදී
ඔබ එය වැළකුව එතරම්
යුධ හමුදා යුධ භටයන්
සටනට ගිය නාවිකයන්
ගුවනේ සැරිසැරු විරැවන්
මෙම දෙරණේ දිලෙන පහන්
නැගෙනහිරට ගිය විරැවන්
මුළු දිවයින මුදවා දුන්
එහිදී දිවි පිදු විරැවන්
පුදදෙනවා අමර නිවන්
මුළු දිවයින මුදවා දුන්
එහිදී දිවි පිදු විරැවන්
පුදදෙනවා අමර නිවන්
No comments:
Post a Comment