Saturday, September 4, 2010

මහමග සිඟමන් යදින දුගියෙකි මා

ගිනි අව්වට පිච්චෙන්නේ
මහ වැස්සට තනිවන්නේ
මගේ දෙපා කකියන්නේ
මහමග දුගියෙකු වන්නේ

හරි අහරක් කුසට නැතේ
සඟමන් යැද දිවි ගෙවතේ
නෑ මිතුරන් මට නැත්තේ
මා අසරණ වී     ඇත්තේ

ඉගෙනීමක් මට නැත්තේ
මගේ සිතට සතුට නැතේ
දෙගුරුන් මිය ගොස් ඇත්තේ
මට දුක උරුමව ඇත්තේ

හුදෙකලාව ඇවිදින්නේ
මහමග නිවහන වන්නේ
හිත උණුවන මිනිසුන්නේ
පිනට යමක් මට දෙන්නේ

රකුසන් වැනි මිනිසුන්නේ
මට කරදර නොම දෙන්නේ
මා අවිහිංසක       වන්නේ
ඔබට අසිරි ගෙනදෙන්නේ

මාගේ මව     සිහිවන්නේ
මගේ පියා     සිහිවන්නේ
සිතම සොවින් බරවන්නේ
නෙත් කඳුලින් තෙත්වන්නේ

නිති පන්සල වෙත යන්නේ
බුදු රදුන්ව      වැඳගන්නේ
මුනිඳුට දුක    කියමින්නේ
මම දුක නැති  කරගන්නේ

මග සිඟමන්    යදිමින්නේ
දිවිය ගැටගසා     ගන්නේ
මහමග ජීවත්      වන්නේ
සැමදා දුගියෙකු  වන්නේ

No comments:

Post a Comment